2023 උසස් පෙළ විභාගය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

2021 විද්‍යා පීඨ කණ්ඩායම් බදවා ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා.

ඊට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රය සංශෝධනය කළ යුතු බවත් අදාළ සංශෝධන ඉදිරියේදී යළි ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/SUSIL-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content