2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වනු ලබන දිනය පිලිබඳ අවසන් තීරණය ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසුවේ විභාගය පිළිබඳ අවසන් තීරණය ඔක්තෝබර් 02 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

2023 අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 27 වන දා සිට දෙසැම්බර් මස 2 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

සිසුන්ට විභාගයට සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම් මත විභාගය කල්දමන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ.

විභාගය පැවැත්වීමේ සංශෝධිත දිනයන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව අමාත්‍යවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content