පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා .

ඒ අනුව මෙම තරගාවලිය යටතේ මෙරටදී පැවැත්වෙන තරග සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලේ .

එහිදී තරගාවලියේ අවසන් මහා තරගය ඇතුලත්ව තරග 9 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර තරග 4ක් පාකිස්තානයේ දී පැවැත්වෙනවා .

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්න ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක හට ද එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ .

මිට පෙර දුෂ්මන්ත චමීර , ලහිරු කුමාර සහ වනිදු හසරංගට මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආබාධ හේතුවෙන් අහිමි වුණා.

වත්මන් ආසියානු ශූරයින් වන ශ්‍රී ලංකාව මෙවර තරගාවලිදී ක්‍රීඩා කරනු ලබන පළමු තරගය එළඹෙන 31 වැනිදා බංග්ලාදේශයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content