2023 උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ සිට ලබන 29 වැනිදා දක්වා දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන 41කදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති බවයි.

එසේම ඊට අදාළ දිනය හා ස්ථානය කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content