2023 වසරේදී අලිඇතුන් 476ක් මියගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම අලිඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පසුගිය වසරේදී බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරනවා.

අලි – මිනිස් ගැටුම හා ස්වභාවික හේතූන් මත මෙම මරණ සිදුවී තිබෙන බවයි එම අධ්‍යන මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විදුලි වැටවල් ඉදිකිරීමට හා නඩත්තුවට පසුගිය වසර දෙකේදී රුපියල් කෝටි 228ක් වැයකර තිබුණද අලි – මිනිස් ගැටුම අඩු වී නොමැති බව  පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරනවා.

2022 වසරේදී අලි ඇතුන් මරණ 439ක්, 2021 වසරේදී මරණ 375ක්, 2020 වසරේදී මරණ 328ක්, 2019 වසරේදී මරණ407ක්, 2018 වසරේදී මරණ 319ක්, 2017 වසරේදී මරණ 256ක්, 2016 වසරේදී මරණ 279ක්, 2015 වසරේදී මරණ 205ක් හා 2014 වසරේදී මරණ 231ක් සිදුව තිබෙන බවද ඔහු පැවසූවා.

මේ අනුව 2014 වසරේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී අලිඇතුන් 3,313ක් මරණයට පත් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content