2022 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 වන දාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.

2022 අධ්‍යනය පොදු සහතික පත්‍ර විභාගය මෙම වසරේ ජනවාරි 23 වන දා සිට පෙබරවාරි 17 වන දා තෙක් පවත්වනු ලැබුවා.

ඒ සදහා පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ හැත්තෑ අටදහස් එකසිය අනූ හය දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් පනස් තුන් දහස් පන්සිය දහතුනක් මෙවර විභාගය සදහා පෙනී සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2200 ක් ස්ථාපිත කර තිබුණා.

 

WhatsApp Group

Skip to content