2022 අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඒ, පිළිතුරු පත්‍ර ඇගයීම සදහා ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන්.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ මේ හේතුවෙන් විද්‍යා විෂයන්ට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර 2 ක් යටතේ සිදු කිරීමට නියමිත බවයි.

ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් ඇගයීමේ රාජකාරි සදහා ගුරුවරුන් නිදහස් නොකරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ උසස් පෙළ සිසුන් සදහා පැමිණීමේ සියයට 80 වේ සීමාව 40 දක්වා අඩු කිරීමට තීරණය කළ බවයි.

මීට හේතුව ලෙස අමාත්‍යවරයා පැවසුවේ රට තුළ පැවති කොරෝනා තත්ත්වය මෙන්ම අරගල තත්ත්වය හමුවේ සිසුන්ට සහනයක් ලබා දීමට සිතා මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

https://www.vnews.lk/storage/2023/07/SUSIL-EDIT-4.mp3?_=1

WhatsApp Group

Skip to content