වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200%කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවත්, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ආයෝජන රට තුළට පැමිණීමට නම් රටේ දේශපාලන ස්ථාවරභාවය, මූල්‍ය ස්ථාවරභාවය මෙන්ම අනාගතය පිළිබඳ නිශ්චිතතාවයත් පැවතිය යුතු බවත්, මේ වන විට රටට ආයෝජන පැමිණෙමින් ඇති බැවින් එම ස්ථාවරත්වය රට තුළ තිබෙන බව තහවුරු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

WhatsApp Group

Skip to content