2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟ දෙකෙන් එක් තරඟයන් වර්ශාව හේතුවෙන් අතහැර දැමුණු අතර, අනික් තරඟය නෙදර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

පළමුවෙන් පැවති ස්කොට්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟයයි වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට කටයුතු කරනු ලැබුවේ.

මෙලෙස වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 90ක් ලබා සිටියා.

මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් නේපාල කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 06ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 106ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content