2024 විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ඊයේ සිදු වුනා

කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය සාජාහිදී පැවැත්වුනා . කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට සමත් වවුනා
පාකිස්තානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 117ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණි.

විශ්මි ගුණරත්න සමගින් චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 9ක් පමණක් එක්කරද්දී චමරි දැවී ගියා

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ වුනා .

තරගයේ 13 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 52කට කඩුලු 5ක් ලෙසයි .
නිලක්ෂි ද සිල්වා ලකුණු 22ක් හා ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න ලකුණු 20ක් රැස්කිරීමට සමත් වූනා .

ශ්‍රී ලංකා කන්ඩායමේ වෙනත් කිසිදු පිතිකාරිනියකට ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී කඩයිම පෙනෙන මානයට හෝ රැගෙන යාමට නොහැකි වූ අතර

පාකිස්තානය වෙනුවෙන් සාදියා ඉක්බාල් ලකුණු 17 ට කඩුළු 3ක්ද , නෂ්රා සන්ධු ලකුණු 15ට කඩූලු 2කඩ හා ඔමයිමා සොහයිල් ලකුන්17 කඩුලූ 2කඩ ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රාහී බලාපොරොත්තු සුන් කර දමමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වුවා

පාකිස්තානු ඉනිම ඔසවා තැබූ නායිකා ෆාතිමා සානා පන්දු 20කට මුහුණදෙමින් ප්‍රහාරාත්මක ලකුණු 30ක් රැස්කල අතර . පන්දු 20කින් ගොඩනැගුණු ඇගේ ඉනිමට හතරේ පහර 3ක් හා හයේ පහරක් ඇතුළත්.

ඇයට අමතරව නිඩා ඩාර් පන්දු 22කට මුහුණදෙමින් ලකුණු 23ක් රැස්කලා

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු (3/18), සුගන්දිකා කුමාරි (3/19) හා උදේශිකා ප්‍රබෝධනී (3/20) කඩුලු තුන බැගින් බිඳදමමින් දක්ෂතා දැක්වුවා

මෙම ජයග්‍රහණයත් සමග පාකිස්තානු කණ්ඩායම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා

WhatsApp Group

Skip to content