සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 12න් ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කෙරුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 17 අවසානයේ කඩුළු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 186ක්.

අනතුරුව නැවත තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 6දී ලකුණු 68ක ඉලක්කයක් හිමි වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 6 අවසානයේ කඩුළු 03ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

WhatsApp Group

Skip to content