පළමු වරට පවත්වනු ලැබූ අයි.සි.සි වයස අවුරුදු 19 න් පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ජයග්රහණය කිරීමට ඉන්දීය පිල සමත් වුණා.
ඒ ප්රතිවාදී එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම කඩුලු 07 කට පරාජය කරමින්.
පළමුවෙන් පන්දුවට පහර දුන් වයස අවුරුදු 19 න් පහළ එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දු වාර 17 යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 68 ක් පමණක් රැස් කරනු ලැබුවා.
කෙසේ වෙතත් ලකුණු 69 ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය වයස අවුරුදු 19 න් පහළ ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම පන්දු වාර 14 ක් අවසානයේදී කඩුලු 03 ක් පමණක් දැවී තරගය ජය ගැනීමට සමත් වුණා.