ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සදහා දිවයිනෙන් පිටත්ව ගියා.

ක්‍රීඩකයින් සහ නිලධාරින් 27 දෙනෙකුගෙන් යුතු මෙම පිරිස අද අ`ඵයම දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

මෙම තරගාවලිය ඩුබායි රාජ්‍යයේදි පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමක් පනවා ඇති අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගි වන ප්‍රථම ජාත්‍යන්තර තරඟාවලිය මෙය වනවා.

මෙම තරගාවලිය ලබන 8 වන දා ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ලබන 9 වන දා ජපාන කණ්ඩායම සමග පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content