වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාව වෙත මාරු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කර තිබෙනවා.

අදාළ තරගාවලිය එළැඹෙන ජනවාරි මාසයේදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබුණා.

රජයේ මැදිහත්වීම පදනම් කර ගනිමින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කර තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි ක්‍රීඩා පුවත් වෙබ් අඩවි වාර්තා කරන්නේ. ්‍

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක් ඉන්දියාවේ අහමදාබාද්හිදී අද පැවැත්වෙනවා.

එහිදී මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ වෙබ් අඩවි වාර්තා කරන්නේ.

 

 

WhatsApp Group

Skip to content