160 වෙනි ජාතික පොලිස්විරු අනුස්මරණ දිනය නිමිත්තෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ සැමරුම් උත්සවය හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ ප්රමධානත්වයෙන් අද දින හැටන් පොලිස් ක්‍රීඩාංගණයේදි පැවැත්විණ.

මෙම අනුස්මරණ උත්සවයේදි පොලිස් සේවයේදි මිය ගිය පොලිස්විරුවන් සිහි කරමින් පුෂ්ප උපහාර පිදිමක් සිදු කල අතර මෙම අනුස්මරණ උත්සවයට පොලිස් සේවයේදි දිවි පිදු පොලිස් නිලධාරින්ගේ පවුලේ ඥාතින් සහ අබාධිත වු පොලිස්විරුවන් කිහිපදෙනෙකු සහභාගි විය.

160 වෙනි ජාතික පොලිස්විරු අනුස්මරණ දිනය නිමිත්තෙන් පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබු පණිවිඩය හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරිණ.

WhatsApp Group

Skip to content