16 වැනි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය අද සිට අප්‍රිකාවේ දී ආරම්භ වනවා.

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාග වන අතර, ශ්‍රී ලංකාව විසින් දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සහභාගී වෙන 11 වැනි තරගාවලිය ලෙසයි මෙය වාර්තා වන්නේ.

දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ 16 වතාවක් මෙම ලෝක කුසලාන තරගාවලිය පවත්වා ඇති අතර, ඒ අතරින් එකොළොස් වතාවක් හෝ ඊට වැඩි අවස්ථා ගණනක දී දැල්පන්දු ලෝක කුසලානය නියෝජනය කිරීමේ අවස්ථාව උදා වී ඇත්තේ රටවල් 10කට පමණයි.

ශ්‍රී ලංකාවත් ඒ රටවල් 10 අතරට එක් වීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content