මේ වසරේ ඔක්තෝබර් මාසය තුළදී පමණක් වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් 131 දෙනෙකු දුෂණයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවේ ඒ අතරින් දරුවන් 10 දෙනෙකු ගර්භණිභාවයට පත්ව ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

පසුගිය සැප්තැම්බර් මාසය තුළ ද ගැහැණු දරුවන් 168 දෙනෙකු දුෂණයට ලක්ව ඇති බව ද රේණුකා ජයසුන්දර මහත්මිය සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/11/RENUKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content