ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 1,500 ක පමණ පිරිසක් ආරක්ෂාව සඳහා යෙදවීමට අපේක්ෂා කරන අතර
මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක වනවා.

කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණෙන රථවාහන වෙනුවෙන් ඒ, බී, සී, වශයෙන් බලපත්‍ර 3 ක් නිකුත් කෙරෙන අතර, අපේක්ෂකයාට හිමිවන්නේ බලපත්‍රයයි.

එම බලපත්‍රයෙන් අපේක්ෂකයාට පමණක් සිය වාහනයෙන් මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවස්ථාව හිමිවනවා.

අපේක්ෂකයා සමඟ ඊට ඇතුලුවිය හැක්කේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබන තවත් දෙදෙනෙකුට පමණයි.

WhatsApp Group

Skip to content