13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බවයි.

https://www.vnews.lk/storage/2023/07/RANIL-EDIT.mp3?_=1

මේ අතර සර්ව පාක්ෂික සමුළුවට එක්වු දේශපාලන පක්ෂ නියෝජිතයින් ද මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/07/MIX-CUT.mp3?_=2

මේ අතර උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන සදහන් කරමින් සමුළුවය සහභාගී වීමෙන් පසු සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම ව්‍යායාමය කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට කරන වැඩපිළිවෙළක් මිස සැබෑ වුවමනාවෙන් ඉදිරිපත් කරනු ලබන සද්භාවයෙන් ක්‍රියාත්මක කරන්නක් නොවන බවට නිරීක්ෂණය වූ බවයි එහි සඳහන් කර ඇත්තේ.

මෙම සර්ව පාක්ෂික සමුළුව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සහභාගී වූ අතර, පක්ෂ නියෝජනය කරමින් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, උත්තර ලංකා සභාගය ඇතුළු පක්ෂ කිහිපයක් සහභාගී වුණා.

කෙසේ වෙතත් මෙම සමුළුව සඳහා ජාතික ජන බලවේගය සහභාගී නොවීමටයි කටයුතු කළේ.

WhatsApp Group

Skip to content