2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවැත්වීමට නියමිතව තිබෙනවා .

13 වන ලෝක ශුරයින් තෝරා ගැනීමේ මෙම අවසන් මහා තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද පස්වරු දෙකටයි .

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහ්මදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනු ඇති .

8 වැනි වරටත් එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියාව 1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

ඉන්දියාව මෙවර අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ සිව්වැනි වරටයි. මීට පෙර ඔවුන් 1983 සහ 2011 යන වසරවලදී ලෝක ශුරතාවය හිමි කර ගැනීමට සමත්වුණා .

මීට පෙර 2003 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන මහා තරගය ද මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වුණා .

කෙසේ වෙතත් එහිදී ජය ගැනීමට සමත් වුනේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි .

මෙවර තරගාවලියේ මෙතෙක් අපරාජිතව ඉන්දිය කණ්ඩායම පසු වන අතර ඔස්ට්‍රේලියාව පරාජයන් දෙකකින් මෙවර තරගාවලිය ආරම්භ කළ නමුත්, තෙවැනි තරගයේ සිට ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ඔවුන් ඉතිරි සියලු තරග ජය ගැනීමට සමත් වුණා.

මේ අතර 2023 ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායමට හිමි වන ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් බවයි අයි.සි සී ය නිවේදනය කලේ එහි අගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 129 ක පමණ අගයක්.

එමෙන්ම මෙවර අනුශූරයින්ට ඩොලර් මිලියන දෙකක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිතව තිබෙනවා .

WhatsApp Group

Skip to content