උතුරු නැගෙනහිර පාසල්වලට 13 වන සඳුදා දිනය විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන ලෙස උතුරේ දෙමළ ගුරු සංගමය ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනයක යෙදී තිබීම හේතුවෙන්.

වෙනත් වසරවලදී දීපවාලි උත්සවය ඉරිදා දිනයක යෙදී ඇත්නම් සඳුදා දිනය නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ ද මෙවර උතුරු නැගෙනහිර පාසල් සම්බන්ධයෙන් එම තීරණය ගෙන නොමැති වීම සිසුන්ට අසාධාරණයක් බවයි උතුරේ දෙමළ ගුරු සංගම් පවසන්නේ.

මේ අතර දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙම මස 13 වන දින මධ්‍යම පළාතේ සියළුම දෙමළ පාසල්වලට නිවාඩු ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා වෙත ඊයේ උපදෙස් ලබා දී තිබෙනවා.

මේ මස 12 වන දින දීපවාලි උත්සවය සමරන බැවින් ඊට පසු දින පාසල් වලට ගුරුවරුන් සහ සිසුන් නොපැමිණෙන බැවින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව ලබන 13 වන දින ලබාදෙන නිවාඩුව වෙනුවෙන් සති අන්තයේ නිවාඩු දිනයක ඒ සදහා පාසල් පැවැත්විය යුතු බව ද ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා

WhatsApp Group

Skip to content