පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත බලංගොඩ, පින්නවල ප්‍රදේහයේ විදුහල්පතිවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැකකාර විදුහල්පතිවරයාගේ නිවස ආසන්නයේ පදිංචිව සිටි 11 හැවිරිදි දැරියකට සැකකරු ලිංගික අතවර කර ඇතිබවට අනාවරණ වී ඇති බවයි.

සැකකාර විදුහල්පතිවරයා 50 වන වියේ පසුවන බලංගොඩ ඇල්ලරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතවරයට පත් දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content