සේවක අර්ථසාධක අරමුදලේ විශ්‍රාම පුර්ව ප්‍රතිලාභ අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුව පැවසුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට මෙම පහසුකම ලබා දී ඇති බවයි.

ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබා ගත හැකි බවයි.

මේ අතර සේවක අර්ථසාධක අරමුදල් පනතට සංශෝධන එක් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රතිලාභ සුරැකීමට කටයුතු කරන බවයි.

https://www.vnews.lk/storage/2023/07/HARSHA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content