සමගි ජනබලවේගයේ ඇතැමුන් විසින් තමන්ට කෙනෙහෙලිකම් රැසක් සිදු කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එකමුතුකමක් නොමැතිව සමගි ජනබලවේගයට ඉදිරි ගමනක් නොමැති බවයි ඒ මහතා කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර ඊයේ දින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරණ තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් සමගි ජනබලවේගයට නිකුත් කළ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් යළි දීර්ඝ කරනු ලැබුවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සම පිළිබද නඩුව කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එහිදි දිසා විනිසුරුවරයා නියෝග කළේ ලබන 19 වන දා දක්වා අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමටයි.

එම නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය ඊයේ දින අධිකරණය හමුවේ විරෝධතාවයක් ද ගොනු කරනු ලැබුවා. කෙසේ වෙතත් පක්ෂයේ සභාපතිවරයාගේ මතය මුඵ පක්ෂයේම මතය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියා.

WhatsApp Group

Skip to content