දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අනතුර සම්බන්ධ සත් පුද්ගල කමිටුවේ වාර්තාව ලබන මැයි මස 10 වනදා වනවිට යුද හමුදාපතිවරයා වෙත ලබාදීමට නියමිතයි.

මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පසුගියදා පත් කෙරුනා.

ඒ අනුව අනතුර සිදු වූ තරග ඉසව්වේ වීඩියෝ දර්ශන යොදාගනිමින් අදාළ කමිටුව විසින් විමර්ශන කටයුතු මේ වනවිට සිදුකරන බවයි යුද හමුදාව සඳහන් කළේ.

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගය අතර තුර පසුගිය 21 වන ඉරිදා මෙම අනතුර සිදුවුනා.

ධාවන තරගයට එක් වූ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 07දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබුවා

WhatsApp Group

Skip to content