ෆෙස්බුක් මඟින් සංවිධානය කර තිබූ සාදයක් වටලා සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බියගම පොලිස් නිළධාරීන් සමත් වී තිබෙනවා.

ගංජා, අයිස් සහ මත් කරල් සන්තකයේ තබා ගත් සැකකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 27 අතර පසුවන්නන් වන අතර ඔවුන් මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්පාස්, පෑලියගොඩ හා කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් අද මහර මහෝස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content