ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැප්තැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සහිත රටක් වන ඉන්දුනීසියාවේ අන්තර් ආගමික සහයෝගය ශක්තිමත් කිරීමට සහ ආගමික ප්‍රජාවන් අතර වැඩි අවබෝධයක් ඇතිකිරීමේ අරමුණින් ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සිදුකළ ආරාධනයකට අනුවයි පාප් වහන්සේ මෙම සංචාරයේ නිරතවන්නේ.

එරට තුළ ආසන්න වශයෙන් මුස්ලිම්වරුන් මිලියන 242 ක් සහ කතෝලිකයන් මිලියන 8 ක් ඇතුළුව මිලියන 29 ක් පමණ කිතුනුවන් වාසය කරනවා.

ඉන්දුනීසියාවට අමතරව, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අගෝස්තු මාසයේදී පැපුවා නිව්ගිනියාවේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content