ළමයින්ට සිදුවන හිංසන පිළිබඳ 109 ක්ෂණික දුරකතන අංකය දැනුම් දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහජනතාවට දැනුම් දෙනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

මේ අතර වැලිඔය ප්‍රදේශයේදී ළමයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට තමා ලබා දුන් නියෝගයට අනුව පැය 24ක් යාමට පෙර කඩිනම් ප්‍රතිචාර දැක්වූ පොලීසියට සහ විශේෂ කාර්ය බලකායට ප්‍රශංසා කරන බවද එහි සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content