ශ්‍රී ලංකාව තුළ ළමා ගැබිණියන් 2287 ක් වසරකදී වාර්තා වන බව පවුල් සෞඛ්‍ය සංවර්ධන වාර්තාවේ දක්වා ඇති බවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියා.

මීට ප්‍රධාන හේතුව ලෙස රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළේ මව විදේශගත වීම, මව – පියා දෙදෙනාම රැකියා සදහා පිටත්ව යාම මෙන්ම මව්පියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බවයි.

මේ සම්බන්ධ ප්‍රශ්නවලට මුහුණ දෙන දරුවන් හට නොමිලේ නීති කටයුතු සිදුකරගැනීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවටයි ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/11/GEETHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content