ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ අදාළ පුද්ගලයින්ගෙන් ළමුන්ට පවතින අවදානම පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇති බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උදය කුමාර අමරසිංහ මහතා මේ බව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content