ශ්‍රී ලංකාවේ සිදුවන ළදරු මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව විදෙස් ආර්ථික විශේෂඥයින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

එමෙන්ම ජනතාවගේ ආයු අපේක්ෂාවද පහළ ගොස් ඇති බවයි එම සමීක්ෂණය මගින් හෙළිව ඈත්තේ.

එම සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවට අමතරව සැම්බියාව සහ ගානා යන රටවල් ද මෙලෙස ඉහළ ළදරු මරණ අනුපාතයක් ඇති රටවල් අතරට ගැනෙනවා.

එම රටවල පවතින දැඩි ණය බර මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවයි එම ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙම ගැටලුව කඩිනමින් විසඳා නොගතහොත් අදාළ රටවල් දැඩි අපහසුතාවට පත්වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content