හෝමාගම – නියඳගල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දී නිවසක සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සදහන් කළේ.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 46ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

වෙඩිතැබීම සිදු කර පළා ගිය පුද්ගලයන් සොය හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලීසිය සදහන් කළා.

WhatsApp Group

Skip to content