ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශය යටතේ විදේශීය ණය ආධාර මගින් හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ ක්රියාත්මක කිරීමට නියමිත මාර්ග සංවර්ධන ව්යාපෘති නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ප්රවාහන, මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් හෝමාගමදී පැවැත්විණි.
මේ යටතේ ඔපෙක් සංවිධානයේ ණය ආධාර මඟින් ක්රියාත්මක කෙරෙන වල්ගම සිට දියගම දක්වා මාර්ගය සහ සවුදි රජයේ ණය ආධාර ක්රියාත්මක වන හෝමාගම සිට ගොඩගම දක්වා මාර්ගය සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණි.
එමෙන්ම ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ පුළුල් කර සංවර්ධනය කරන ලද හෝමාගම පිටිපන මංසන්ධිය ජනතා අයිතියට පත්කිරීමද ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම ව්යාපෘතිය යටතේ මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදය අවම කරමින් පදිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන ආකාරයට පදික වේදිකාව වඩාත් පුළුල් කොට සංවර්ධනය කර ඇති අතර මංසන්ධිය වඩාත් ක්රමවත් ආකාරයෙන් රථවාහන හුවමාරු විය හැකි ආකාරයට නවීකරණය කර ඇත. ඊට සමගාමීව මංසන්ධියේ වර්ණ සංඥා පද්ධතියද නවීකරණය කොට ස්ථාපිත කර තිබේ.

WhatsApp Group

Skip to content