හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 8.30ට පමණ හටගත් මෙම ගින්න නිවීම සදහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකයට සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයට අයත් ගිනි නිවීමේ රථ 7ක් යොදවා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

ගින්නට ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජීවිත හානිද වාර්තා වී නොමැති බවද පොලීසිය සදහන් කළා.

මේ අතර හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට ඊයේ රාත්‍රියේ විශේෂ දැනුම්දීමක් සිදුකර තබුණා.

කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසිනුයි මෙම දැනුම්දීම සිදුකර තිබුණේ.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ මෙම ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා මෙම උපදෙස් ලබා දුන් බව එම ඒකකය සදහන් කළා.

WhatsApp Group

Skip to content