කොළඹ ප්‍රදේශයෙන් වෑන් රථයක් කුලී පදනම මත  ලබා ගෙන අනුරාධපුරයට පැමිණ, හරක් හොරකම් කර මස් සඳහා විකුණු කල්ලියක පුද්ගලයන් 6 ක්, වෑන් රථය සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ත් 46ත් අතර වියේ පසුවන අනුරාධපුර රඹෑව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් හය දෙනෙක්.

එම හොර හරක් ජාවාරමේ මහ මොළකරු වන හිටපු විශේෂ කාර්ය  බළකා සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා.

මීට මාසයකට පමණ පෙර අනුරාධපුර, යාපනේ හංදිය ප්‍රදේශයේදී එළ ගවයන් දෙදෙනෙකු සහ අනුරාධපුර ගෙවල් පනස් පහ ප්‍රදේශයේ දී එළ ගවයින්  තුන් දෙනෙකු සොරකම් කිරීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී මෙම සොරකම සඳහා පැමිණි වෑන් රථය වැලිසර, මහබාගේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බව හඳුනා ගත් බව පොලීසිය පවසනවා.

ඉන් අනතුරුව වෑන්  රථයේ හිමිකරු ගෙන්  රථය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, හිටපු විශේෂ කාර්ය බලකා සෙබළකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු, වෑන් රථය කුලී පදනම මත ලබා ගෙන ඇති බව අනාවරණය වූ බව පොලීසිය පැවසුවා.

WhatsApp Group

Skip to content