ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල නොවන අයුරින් ගෙන්වූ නිසි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ රැසක් විනාශ කිරීමට රේගුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් අට කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමින් යුතු ජංගම දුරකථන අමතර කොටස් මෙන්ම මෝටර් රථ අමතර කොටස් ද විනාශ කිරීමට නියමිතයි.

මෙවැනි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ තුළින් පාරිභෝගිකයින්ට විශාල හානියක් සිදුවන බවයි රේගුව පෙන්වා දෙන්නේ.

මේ අතර ජංගම දුරකථනවලට මෙවැනි ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ චාජර් සහ බැටරි යොදා ගැනීම හේතුවෙන් එවැනි දුරකථන පුපුරා ගිය අවස්ථා කිහිපයක් පිළිබදව ද වාර්තා වන බව රේගුව ප්‍රකාශ කළා.

 

WhatsApp Group

Skip to content