හොරොව්පතාන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් පැවැත්වෙනවා.

හොරොව්පතාන ඩිපෝ සේවකයින් දෙදෙනෙකුට පෞද්ගලික බස්රථ සේවකයින් පිරිසක් එල්ල කල පහර දීමකට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ ඊයේ පෙරවරුවේදී යි.

තවමත් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් පොලිසිය අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඊට විරෝධය දක්වමිනුයි ඩිපෝ සේවකයන් අද දිනයේත් වර්ජනයේ නිරත වන්නේ.

පහර කෑමට ලක්වූ ඩිපෝ සේවකයින් දෙදෙනා තවදුරටත් හොරොව්පතාන රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

https://www.vnews.lk/storage/2023/07/DIPO-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content