නිට්ටඹුව හොරගොල්ල වලව්වේ ඉඩමට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්දිය සම්බන්දයෙන් එහි මුරකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුරකරුවන් දෙදෙනා සමග බෝර12 බලපත්‍ර සහිත ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සොරකමක් සඳහා වත්තට ඇතුළුවන්නට ඇති බවටයි සක මතුව ඇත්තේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තැනැත්තා වතුපිටිවල රෝහලට ඇතුළත් කොට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

WhatsApp Group

Skip to content