දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙන යා යුතු බවත් එමඟින් විදේශ විනිමය ඉපයිය හැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා පවසයි.

මධ්‍යම පළාතේ දේශිය හා පාරම්පරික දැනුම  සංරක්ෂනය කිරිම හා පාරම්පරික වෛද්‍යවරුන්ගේ අනාගතය සුරක්ෂිත කිිරිම පිණිස පළාත් ආයුර්වේද දෙපාර්තමෙන්තුව ක්‍රියාත්මක කරනු ලබන “මැදරට වෛද්‍ය ප්‍රඥා ප්‍රසාදනි“ සම්මාන ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කරළිය ශාලාවේදි 04දා පැවැත්විණි.

මෙහිදි උත්සව සභාව ඇමතු  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ පළාතක් ලෙස දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් ඇගයිමේ අවශ්‍යතාවයක් පවතින බවත් එය ඔවුන්ගේ තෘප්තියට කරුණක් බවය.මේ සදහා දායක්තවය ලබා දුන් සියලු දෙනාට ගෞරවය සහ ප්‍රණාමය රජයක් හැටියට සහ පළාත් සභාවක් ලෙස  සුභාශීංෂනය පිරිනමන බවය.ආයුර්වේද කොමසාරිස් ජනරාල්  ලෙස කටයුතු කරන ධම්මික අබේගුණවර්ධන මහතා සිදු කළ මෙහෙය අපි අගය කරනවා.වත්මන් ආයුර්වේද කොමාසාරිස් ලෙස කටයුතු කිරිම පිළිබදව අපි අගය කරනවා.මුදල්වලට සිමා නොවි සමාජ යුතුකමක් ලෙස දේශිය වෛද්‍යවරුන් සිදු කරන සේවය කිරිම අපි අගය කරනවා.ආදායමක් ලබා ගැනිමේ පරමාර්ථයෙන් මෙම ක්‍රියාවන් සිදු කළේ නැහැ.ගමේ සිටින සියලු දෙනාට එක ලෙස සේවය කිරිම අරමුණු කරගෙන මේ දේවල් සිදු කළා.අද වන විට මේ තිබෙන නිති රිති වෙනස් විය යුතුයි.අපිට ඩොලර් උපායගත හැකි කේෂ්ත්‍රයක් මේ .නමුත් ඇතැම් නිති රිති නිසා ඒ දේවල් හරස් වෙලා .ඒවා වෙනස් විය යුතුයි.අතිතයේ සිට අපිට මිල කළ නොහැකි දේශිය වෛද්‍ය ක්‍රමයක් අපිට තිබුණා.අද වන වන මේ වෛද්‍ය ක්‍රමයක් සමග සියලු දෙනා එක් වෙලා තියනවා.වර්තමානයේදි  සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමටද මෙය වඩාත් පිටිවහලක් වෙනවා.අතිතයේ සිට අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය නිසා විදේශකයින් පවා  මවිතයට පත්වුණා.ඔවුන්ගේ සේවය අපි අගය කිරිම සිදු කරන බවත් ජාතියක්ලෙස මෙය ඉදිරියටත් රැගෙන යාම අපේ වගකිමක් හා යුතුකමක් බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

WhatsApp Group

Skip to content