ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කලේ එකඟ වූ පරිදි නිල ඇඳුම් දීමනාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

මාර්තු මාසයේ සිට හෙද කාර්ය මණ්ඩල නිල ඇඳුම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරන බවට මීට පෙර රජය පොරොන්දු වූ බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2024/03/MEDIWATHTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content