ඉල්ලීම් 7 ක් මූලික කර ගනිමින් හෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය අද දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මෙම සංකේත වැඩවර්ජනය අද උදෑසන අටේ සිට ක්‍රියාත්මක වූ බවයි එම බලමණ්ඩලය පවසන්නේ.

ඒ සඳහා විකීරණ තාක්ෂණවේදීන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්, ඖෂධවේදීන්, භෞත චිකිත්සකවරුන් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක නිලධාරින් එක්ව සිටින බවටයි වාර්තා වන්නේ.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව දැනුවත් කිරීම සඳහා හෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඒ සඳහා එක්ව සිටි රවී කුමුදේශ් මහතා ඇතුළු නියෝජිතයින් මෙලස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/08/RAVI-KUMUDESH-EDIT-1.mp3?_=1

කෙසේ වෙතත් අදාළ වැඩවර්ජනය සදහා හෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය එක්ව සිටියද කිසිදු වෛද්‍යවරයෙකු මෙම වර්ජනය සදහා එක්ව නොමැති බවයි බදුල්ල මහරෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/08/PALITHA-RAJAPAKSHA-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content