උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට  සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙන්ම උතුරු මැද පළාතට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පවතින වැසි තත්ත්වය හමුවේ කිරිඳි ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එහි පහළ කොටසේ ජිවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළා.

එමෙන්ම ගංවතුර තත්ත්වය හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඔලුවිල් මණ්ඩපය ලබන 16 වන දින තෙක් වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ අතර වර්ෂාව හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. අධික වැසි සමඟ දුම්රිය මාර්ගය ජලයෙන් යට වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර තිබෙනවා. එමෙන්ම මඩකලපුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content