හෙට දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ සපුගස්කන්ද විදුලි බලාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව උදෑසන 08.30 සිට පස්වරු 05.00 දක්වා බියගම ජලපවිත්‍රාගාරයට ජලසැපයුම අත්හිටුවනු ඇති.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල කටුනායක, සහ සීදුව නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම් අත්හිටවනු ලබන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කලේ.

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන , මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම් අත්හිටවන බව එම මණ්ඩලය සඳහන් කළා.

 

 

WhatsApp Group

Skip to content