බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනයේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා .

ඒ සදහා ඛනිජ තෙල් , වරාය , විදුලි සේවකයින් එක්වීමට නියමිතයි .

එම ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයින් මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ කොළඹ පැවති සාකච්චාවකින් අනතුරුවයි .

මේ එම සාකච්චාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කල පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛණජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා .

https://www.vnews.lk/storage/2023/02/BANDULA-SAMAN-EDIT-.mp3?_=1

මෙම ප්‍රශ්නයට විසදුම් ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සතුව බවත් ආණ්ඩුවට මෙය විසදිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවසු බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ලේකම් නිරෝෂන් ගොරකාන මහතා මෙහිදී මාධ්‍යවෙත අදහස් පල කරමින් සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/02/NIROSHAN-GORAKANAGE-EDIT-.mp3?_=2

මේ අතර ආණ්ඩුව ගනු ලැබූ වැරදි ප්‍රතිපත්ති හකුලා නොගන්නේ නම් ඉදිරියේදී දැවැන්ත ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ .

මෙහිදී විදුලිය පවත්වාගෙන යාමේ අර්බුධයක් ද ඇතිවිය හැකි බවත් එහි සම්පුර්ණ වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු බවත් ඔහු කියා සිටියා

https://www.vnews.lk/storage/2023/02/RANJAN-JAYALAL-EDIT-1-1.mp3?_=3

WhatsApp Group

Skip to content