සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගය මෙරට වෙලාවෙන් හෙට පස්වරු 03.00 ට ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තරගාවලිය සම තත්ත්වයේ පසුවනවා.

මේ අතර පළමු තරග දෙක සදහා ක්‍රිඩා නොකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග ද හෙට තරගයට ක්‍රිඩා කරනු ඇති.

තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගත යුතුම වනවා.

මේ, හෙට තරගය පිළිබද අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි.

https://www.vnews.lk/storage/2024/03/THILINA-KANDAMBI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content