දිවයිනේ ප්‍රදේශ කිහිපය පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර , උතුරු මැද , නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content