හෙට්ටිපොළ, මූණමල්දෙණිය – කටුපොත මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කටුපොත දෙස සිට මූණමල්දෙණිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයකින් පාසල නිම වී පැමිණි එම සිසුවා බසයෙන් බැස බස් රථයට පිටුපසින් පාර මාරු වීමට යාමේදී මූණමල්දෙණිය දෙස සිට කටුපොත දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත් සිසුවා 11 හැවිරිදි වියේ පසුවන වලව්වත්ත අනුක්කන්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම සිසුවා මොරගනේ මහා විද්‍යාලයේ 6 වන වසරේ ඉගෙනුම ලබන බවද පොලිසිය සදහන් කළා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

WhatsApp Group

Skip to content