යේමනයේ ඒඩ්න් වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සිට ඇති අතර නෞකාවේ ආරක්ෂකයින් ලෙස ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සහ නේපාල ජාතිකයෙක් කටයුතු කර ඇති බව සදහන්.

ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම හූති කැරලිකරුවන් විසින් භාරගෙන ඇති අතර ගාසා තීරයේ පවතින ඊශ්‍රායල හමාස් යුදගැටුම්වලදී පලස්තීනුවන්ට සහය පළ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට හූති කැරලිකරුවන් පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content