අද (06) උදෑසන කාලයේදී හුංගම කහදමෝදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයා රන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරුකර යැවීමේදී මියගොස් ඇත.

කාන්තාවක් සමග පැවැති අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මරණකරු සහ සැකකරු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

හුංගම පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය.

WhatsApp Group

Skip to content