ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල විසින් එල්ල කරන ලද දැඩි සහ පුළුල් පරාසයක ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 569 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අතර දරුවන් 50 දෙනෙකු සහ කාන්තාවන් 90 දෙනෙකුද වන අතර, පුද්ගලයින් 1835 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බේරුට් අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල හිස්බුල්ලා සංවිධානයේ සමාජිකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් රැදි සිටි ස්ථාන ඉලක්ක කරමින් එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර මාලාව හමුවේ ලෙබනන ජනතාව දහස් ගණනක් තම වාසස්ථාන අත්හැර දමා බේරුට් අග නගරයෙන් පිටත්ව ගොස් ඇති බවටයි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content